27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනධ්‍යන සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

අනධ්‍යන සේවක වැඩ වර්ජනය අඛණ්ඩව

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ද ඇණහිට තිබෙනවා.

කෙසේනමුත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත පවසන්නේ තම ගැටලුවලට මැයි මස 08 වැනිදාට පෙර ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.