28.9 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩෙන්මාර්කය කොවිඩ් සීමාවන් ඉවත් කරයි

ඩෙන්මාර්කය කොවිඩ් සීමාවන් ඉවත් කරයි

ඩෙන්මාර්කය කොවිඩ් වසංගතය පදනම් කර ගනිමින් පනවා තිබූ සීමාවන් මුළුමණින්ම ඉවත් කර ඇත.
 
වෛරසය තවදුරටත් “සමාජයට තීරණාත්මක තර්ජනයක්” නොවන බව ඵලදායී ලෙස ප්‍රකාශ කරමින් ඩෙන්මාර්කය සිය අවසාන කොරෝනා වෛරස් සීමාවන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ඩෙන්මාර්කයේ සෞඛ්‍ය ඇමති මැග්නස් හියුනික් පසුගිය සිකුරාදා මෙම සීමා ඉවත් කිරීම ගැන ප්‍රකාශ කර තිබේ.
 
ඩෙන්මාර්කයේ ඉහළ එන්නත්කරණ අනුපාතිකයක් මේවන විට සිදු කර ඇත. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ දත්ත වලට අනුව, ඉකුත් සෙනසුරාදා වන විට රටේ ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිස සියයට 76 ක් වන අතර සියයට 73ක් මේවන විට එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇත. 
 
අදාළ සීමාවන් ඉවත් කිරීමත් සමඟ නිදහසේ තම ජීවිත ගත කිරීමට ජනතාවට ඉඩ සැලසෙන අතර, විදේශීය සංචාරකයින්ට යම් යම් සීමා කිරීම් වලට යටත්ව රටට ඇතුළු වීමට ද අවස්ථාව දී ඇතැයි සදහන් වේ.