― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදේශිකයින්ට වීසා නිකුත් කිරීම ගැන රජයෙන් තීරණයක්

විදේශිකයින්ට වීසා නිකුත් කිරීම ගැන රජයෙන් තීරණයක්

විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව ද එලෙසම ක්‍රියාත්මකයි.

මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බවයි රජය අවධාරණය කරන්නේ.

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලා තිබිණි.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබෙනවා.