― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඩයනාට විදේශ ගමන් තහනමක්

ඩයනාට විදේශ ගමන් තහනමක්

ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනය වී සිටින හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනී….. ඩයනා ගමගේ නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මේ රටට පැමිණි තැනැත්තියක්. එසේ පැමිණ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇය මෙරටදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක් වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබියදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතිනවා. ” යනුවෙන් සඳහන් කළා.

එම විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ඇය රටින් පිටවීමේ අවධානමක් පවතින හෙයින් ඩයනා ගමගේ නමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරනු ලබන්නේ නිති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය රටින් පිටවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා.