31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 80ක හෙරොයින් හම්බෙගමුවෙන් අල්ලයි

ලක්ෂ 80ක හෙරොයින් හම්බෙගමුවෙන් අල්ලයි

තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී ලක්ෂ අසූවක් පමණ වටිනා හෙරොයින් ගෑම් 200ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල පොලිසිය සිදු කල විශේෂ වැටලීමකදී තණමල්විල, සීනුග්ගල, හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී හෙරොයින් සමග 29 හැවිරිදි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ඔවුන්ට හෙරොයින් ලබා දෙන පුද්ගලයකු පිළිබඳ අනාවරණය වී ඇති අතර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් යොදා ගනිමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී හෙරොයින් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.