27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුලියාපිටිය තරුණයාගේ ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය ඊයේ (12) කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූ 31 හැවිරිදි සුසිත් ජය­වංශ නම් තරුණයාගේ මළ සිරුර පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂිතයේ තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. ඒ ඔහු අතුරුදන් වී දින 15 කට පසුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පෙම්වතිය අද (13) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.