23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලියාපිටිය තරුණයාගේ ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය ඊයේ (12) කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවයි.

ඝාතනයට ලක් වූ 31 හැවිරිදි සුසිත් ජය­වංශ නම් තරුණයාගේ මළ සිරුර පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂිතයේ තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. ඒ ඔහු අතුරුදන් වී දින 15 කට පසුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පෙම්වතිය අද (13) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.