30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම පළාතේ සෞඛ්‍ය වර්ජනයක්

මධ්‍යම පළාතේ සෞඛ්‍ය වර්ජනයක්

පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරන වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව යටතේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද මධ්‍යම පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවයෙන් ඉවත්වුණා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් දීමනා ලබාදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද මධ්‍යම පළාතේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ හේතුවෙන් අද පෙරවරුවේ මධ්‍යම පළාතේ රෝහල් වෙත පැමිණි ජනතාව දුෂ්කරතාවට පත්ව සිටියා. පළාත් මට්ටමින් සෞඛ්‍ය සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය සතියේ ආරම්භ කළා.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් සිය වෘත්තීය සමිතිය වෙත කිසිදු ඉල්ලීමක් සිදු නොකළ නිසා අද වර්ජන ක්‍රියාමාර්ගයට සිය සංගමය සහය නොදක්වන බවයි.