27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි පූජාවක්

කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි පූජාවක්

කැස්බෑව, බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය වී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඩීසල් අවසන් වී ඇති බවට දැනුම්දීමත් සමඟම ඇතිවූ බහින් බස්වීම දුරදිග යාමෙන් එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර මෙලෙස ගැටුමක් ඇතිවී තිබේ. පසුව එහි පැමිණ සිටි කාන්තාවක්ද ගැටුමට මැදිහත් වීමෙන් ගැටුම තවත් වර්ධනය වී තිබේ.

එම අවස්ථාවේ ඉන්ධන පිරහුම්හළ ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමතයකට කිරීමට උත්සාහ කර ඇති අතර ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසළ විදුලියද විසන්ධි වී තිබේ.

ඉන්පසු කැස්බෑව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සෙසු ඉන්ධනද ලබානොදෙන ලෙසට ඉන්ධනහල වෙත දැනුම් දීමත් සමඟම දිගු පෝලිම්වල රැඳී සිටි යතුරුපැදිකරුවන්, තීරෝද රථ රියදුරන් මෙන්ම ප්ලාස්ටික් කෑන් බූලි රැගෙන පැමිණ පෝලිම්වල රැඳී සිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.