― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් තවදුරටත්

අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් තවදුරටත්

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනේ 2 වැනි අදියර මේ මස අවසානයේදී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එහි පළමු අදියර පසුගිය මාසයේ ක්‍රියාත්මක විය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34කට නොමිලේ සහල් ලබාදීමේ යෝජනා ක්‍රමයේ 2 වැනි අදියර මේ මස අගදී ආරම්භ කෙරෙනවා.

මේ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සහල් කිලෝග්‍රෑම් 10ක් නොමිලේ බෙදා දෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.