25 C
Colombo
Monday, October 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයෙන් ලබාදුන් සහල් කෑ කුකුළන් 07ක් මියගිහින්

රජයෙන් ලබාදුන් සහල් කෑ කුකුළන් 07ක් මියගිහින්

රජය මඟින් අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් ආහාරයට ගත් කුකුළන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද (14) දිනයේදී වාර්තා කර තිබුණා.

රිදීගම, පානගමුවේ අඩු ආදායම්ලාභියෙකුට රජයෙන් ලබාදුන් සහල්වලින් කොටසක් මෙලෙස කුකුළන්ට ආහාරයට ලබා දී ඇති අතර එම සහල් ආහාරයට ගත් කුකුළන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා මේ පිළිබඳව මහජන සෞඛ්‍ය කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.