― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසා පෙළ විද්‍යාව පත්‍රයට නිදහස් ලකුණු 02ක්

සා පෙළ විද්‍යාව පත්‍රයට නිදහස් ලකුණු 02ක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා නිදහස් ලකුණු 02ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ආන්දෝලනයකට තුඩු දුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්නයට එක ලකුණ බැගින් නිදහස් ලකුණු 02ක් ලබාදීමට තීරණය කළ බවයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සඳහන් කළා.

ප්‍රශ්න පත්‍ර නිරීක්ෂක මණ්ඩලයත් නැවත උත්තර ඇගයීමක් කරනවා. කිසි කෙනෙක් බයවෙන්න ඕන නැහැ ඒ කාරණා පිළිබඳව, මේ ප්‍රශ්න දෙක ඇරෙන්න ප්‍රශ්න පත්‍ර පිළිබඳව හොඳ මට්ටමේ තියනවා.

එමෙන්ම විභාගය පැවැත්වෙන කාලය තුළ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ බව කියන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිළිබඳව ද ඔහු අදහස් දැක්වුවා.

මේ හේතුවෙන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවෙලා නැහැ. ඒ නිසා අවලංගු කරන්න අවශ්‍ය නැහැ. කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන භාවිත කරමින් පිළිතුරු ගෙන්වා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී නිලධාරීන් ඒ පිළිබඳව කටයුතු කරලා පොලිසිය දැනුවත් කරලා ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනවා. හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක නිලධාරිනියක් විශ්‍රාමික ගුරුවරයෙක්ට යවලා, රත්නාවලී විදුහලේ නිරීක්ෂකවරිය සහ විශ්‍රාමික ගුරුවරයා අත්අඩංගුවට අරන් තියනවා. හැබැයි අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්‍රය යන්න විදිහක් නැහැ. ඒ වෙනකොට විභාගය පටන් අරන්.