― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබොරු කියා සිඟමනේ ගිය අයෙක් අත්අඩංගුවට

බොරු කියා සිඟමනේ ගිය අයෙක් අත්අඩංගුවට

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ තම දියණියට වකුගඩු ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට බොරු කියූ පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙම පුද්ගලයා යාපනය ප්‍රදේශයේදී රෝද පුටුවක සිටින තම සිවු හැවිරිදි දැරියකගේ වකුගඩු දෙකට හානි වී ඇති බව සඳහන් කරමින් ප්‍රතිකාර සඳහා ජනතාවගෙන් මුදල් ආධාර ඉල්ලා තිබෙනවා.

යාපනයේ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයද නොතකා පුද්ගලයෙක් රෝද පුටුවක නැගී දැරියක්ද සමඟ සිඟමන් යදින බවට කෝපායි පොලිසියට ලද රහසිගත තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිසිය දැරිය බේරාගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිදු කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරියගේ සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවත් දැරිය ක්‍රමයෙන් සුවය ලබන බවත්ය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් දැරිය තම දියණිය බවත්ය.

එමෙන්ම අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් දැරිය ළමා නිවාසයට ඇතුළත් කිරීමටත් අධිකරණය නියෝග කර තිබෙනවා.