― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදළදා මාළිගාවේ විශේෂ දන්සැල් කලාපයක්

දළදා මාළිගාවේ විශේෂ දන්සැල් කලාපයක්

වෙසක් මංගල්‍යය යෙදී ඇති හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල හා ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ උපදෙස් පරිදි මෙම දන්සැල් කලාපය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව ප්‍රණීත හා සෞඛ්‍ය‍ාරක්ෂිතව පිළියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට පැමිණෙන බැතිමතුන් වෙත ලබා දෙන බවයි ශ්‍රී දළදා මාළිගාව සඳහන් කළේ.

පොහොය දින දෙක ඇතුළුව සති අන්ත දීර්ඝ නිවාඩුවක් මෙවර යෙදී ඇති බැවින් මහනුවර දළදා මාලිගාවට ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කෙරෙනවා.