― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකෝටි එකහමාරක ඇම්බර් සමඟ දෙදෙනෙක් මාට්ටු

කෝටි එකහමාරක ඇම්බර් සමඟ දෙදෙනෙක් මාට්ටු

රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් තල්මස් වමනය (ඇම්බර්) සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) කල්පිටිය පොලිස් වසමේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් තල්මසුන්ගේ වමනය (ඇම්බර්) කිලෝ ග්‍රෑම් 23ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක සහ 40 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.