ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රථ පෙළපාලියට පොලිස් ආරක්ෂාව පවා දී තිබූ අතර අනිවාර්යයෙන් එය රජයේ අනුග්‍රහයෙන් සිදු වූවක් වන බවත් ලියාපදිංචි නොකළ අති ධාවනකාරී යතුරුපැදි පවා එහි දක්නට ලැබුණු බවත්ය.
ඒ අනුව ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාටත් අවනත නැති ඇමති කෙනෙක් හෝ බේබි කෙනෙක් සිටින බව හෙතෙම අවධාරණය කළේය.