26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල පහළට - Breaking

ලිට්‍රෝ ගෑස් මිල පහළට – Breaking

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3790ක් බවයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 712ක් ලෙසයි.