― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගංවතුරේ බෝට්ටු පැද්ද තරුණයෙක් ජීවිතක්ෂයට

ගංවතුරේ බෝට්ටු පැද්ද තරුණයෙක් ජීවිතක්ෂයට

ගංවතුරේ විනෝද වෙමින් සිටි තරුණයෙක් ඊයේ (03) විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් උණ රිටක ආධාරයෙන් ගංවතුරේ බෝට්ටු පදිමින් සිටිය දී එම රිට අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් මෙලෙස තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ, කළුගල ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් කුමාර නැමැති 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

විදුලි සැර වැදීමෙන් පසු බෝට්ටුවේ සිටි අනෙක් තරුණයින් පිරිස ද බෝට්ටුව මත වැටී ඇති අතර ඔවුන්ට හානියක් සිදුව නැහැ.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

කෙසේනමුත් පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයා සමඟ බෝට්ටු පැදීමට එක් වූ අනෙකුත් තරුණයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි.