26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ජල සැපයුමට බාධා

කොළඹ ජල සැපයුමට බාධා

කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර හේතුවෙන් ගැලවී යාමෙන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

ඒ අනුව ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙන බවයි ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.