30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංවතුරේ සෙල්ලම් දැමූ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගංවතුරේ සෙල්ලම් දැමූ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමඟ විනෝද වෙමින් සිටි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටියදී ටියුබය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.