― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsතේ කර්මාන්ත ශාලාවක් දැවී අලුවෙයි

තේ කර්මාන්ත ශාලාවක් දැවී අලුවෙයි

නාවලපිටිය පොලිස් වසමට අයත් කුරුඳුවත්ත, ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (07) අලුයම 3.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

තේ කර්මාන්ත ශාලාවේ පහළ මහලින් හටගත් ගින්න තුන්වන මහල දක්වාම පැතිර යාම හේතුවෙන් තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේදී තේ කර්මාන්තශාලාව තුළ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සේවය කරමින් සිට ඇති අතර ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැහැ.

කෙසේනමුත් ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.