27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැමිණිල්ලකට පොලිසියට ආ අඹුසැමි යුවළ පර්ස් එකට විදලා

පැමිණිල්ලකට පොලිසියට ආ අඹුසැමි යුවළ පර්ස් එකට විදලා

වාද්දුව පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල්වරියකට අයත් මුදල් පසුම්බියක් සොරාගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අඹුසැමි යුවළ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පොලීසියට ආ අවස්ථාවේදී මෙලෙස මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවළක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.