25.6 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොතලාවල පනතට එරෙහි වීමෙන් සිරගතව සිටින සිසු-කම්කරු ක්‍රියාකාරීන්ට කොවිඩ් ප්‍රතිකාර නෑ

කොතලාවල පනතට එරෙහි වීමෙන් සිරගතව සිටින සිසු-කම්කරු ක්‍රියාකාරීන්ට කොවිඩ් ප්‍රතිකාර නෑ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

කොතලාවල පනතට එරෙහි වීම නිසා සිරගතව සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් චේතාන්විතව කොවිඩ් රෝගයට ගොදුරු කිරීමක් සහ රෝගයට ගොදුරු වූ ක්‍රියාකාරීන්ට ප්‍රතිකාර ලබා නොදීමක් සිදුවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (13) නුගේගොඩ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කෝෂිලා හංසමාලි සහෝදරියගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල නිකුත් වුණා. එම ප්‍රථිපලයට අනුව ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු කර තිබෙනවා. ඉන්පසුව ඇය, ඊයේ රාත්‍රියේම අඹේපුස්සේ බන්ධාගාර දෙපාර්තමේන්තුව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. මේ සිදු වීම සමඟ බැඳුණු අතීත සිදුවීම් ගණනාවක්ම තියෙනවා. මූලිකවම, මේ රැඳවියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම තිබෙන බව දිගින් දිගටම මතු කළ බව කිව යුතුයි. මේ ආකාරයට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසු – කම්කරු ක්‍රියාකාරීන් පස්දෙනාට කොවිඩ් වැළඳීමේ බරපතළ අවදානමක් තියෙන බව අපි දිගින් දිගටම කියා සිටියා.

අනුර ප්‍රේමලාල්