සීදුව – දළුපොත පාර දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙම අනතුර ඊයේ (18) සවස සිදුව ඇති අතර පුත්තලම සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


