― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට මෙහෙම හරි තියෙන්නෙ අපි නිසා

රට මෙහෙම හරි තියෙන්නෙ අපි නිසා

රට මේ ආකාරයෙන් හෝ පවතින්නේ වත්මන් ආණ්ඩුව බලය ගත් නිසා බවත් එසේ නොවුනා නම් රට නැත්තටම නැති වී යා හැකි බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18)මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ පහුගිය රජය කාලේ කරපු දේවල්වලට අද අපි වන්දි ගෙවන්න වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා වගේ අපි අභියෝග එනකොට දාලා දුවන්නෙ නෑ, මේ අභියෝගවලට මුහුණ දීලා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. යුද්ධ කාලෙදිත් ඔය විපක්ෂය ඔය විදියටම හැසිරුණා, දැනුත් ඒකම කරනවා. ඉතින් අපි ඒකට චෝදනා කරන්නෙ නෑ. අපේ අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරගන්නත් අපි කටයුතු කරනවා. අපි බලය නොගත්තා නම් මේ රට නැත්තටම නැතිවෙලා. දැන් මේ මට්ටමෙන් හරි තියෙන්නෙ අපි ගත්තු හින්දා.”