අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා එක්වන ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.
ඒ සඳහා පත් කළ කමිටු වාර්තාව එළඹෙන 14 වැනිදා ලැබීමට නියමිතයි.
එම ක්‍රියා පටිපාටියට අනුකූලව යමින් ඉදිරියේදී පිළිතුරු පත්‍ර සමීක්ෂණ ගුරු දීමනා වැඩි කරනු ඇති.