― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසජිත් උතුරෙන් ගන්න යන වැඩේ මෙන්න

සජිත් උතුරෙන් ගන්න යන වැඩේ මෙන්න

දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (12) යාපනය කෝපායි නීර්වේලි අත්තියර් හින්දු විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට 43.4%ක දායකත්වයක් ලබා දෙන විට වයඹ පළාත 11.2%ක් සහ මධ්‍යම පළාත 10%ක දායකත්වයක් ලබා දෙන විට මන්නාරම, වව්නියා, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යනාදී පරිපාලන දිස්ත්‍රික්ක 5ක් ඇති උතුරු පළාත දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ 4.1%ක් වැනි අවම ප්‍රමාණයක් බවත් මෙසේ උතුරු පළාතෙන් ලැබෙන දායකත්වය අඩුම වීමට හේතුව උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වය දුබල මට්ටමක පැවැතීම බවත්ය.

උතුරු පළාතේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ගොඩ නැගීම මෙන් ම උතුරේ ඇති මැතිවරණ කොට්ඨාස 10 ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 15 තුළම නිෂ්පාදන කර්මාන්ත ගොඩනැංවීමටත් තොරතුරු තාක්ෂණ උද්‍යාන බිහි කර තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කර බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට උතුරු පළාත පත් කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට වසර කිහිපයකට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිමට යහපාලන රජයේ දී සාකච්ඡා වූ බවත් වර්තමානයේ එහි තත්ත්වය සොයා බැලීමට වේලනෙයි ප්‍රදේශයේ මණ්ඩතිව් බටහිර කොට්ඨාසයට තමා ගිය අවස්ථාවේ දැක ගැනීමට හැකි වූයේ දැනටමත් ඒ සඳහා අක්කර 50ක ඉඩමක් වෙන් කර ඇති මුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වී නොමැති බවත් කියා සිටියේ.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය පහසුවෙන් ඉදිකළ හැකි බවත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පවා නිර්මාණය වූයේ එවැනි ආකාරයට බවත් පෞද්ගලික ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ගොඩනැගූ ආකාරයටම යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකරන බවත් එය මේ ප්‍රදේශයේ ආර්ථිකය ගොඩනගන්න, කර්මාන්ත දියුණු කරන්න, සංචාරක කර්මාන්තය දියුණු කරන්න මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ඉවහල් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.