― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුකුල් චමින්දගේ ගතිය ලොවට පෙන්වූ තරුණයාට තෑග්ගක්

කුකුල් චමින්දගේ ගතිය ලොවට පෙන්වූ තරුණයාට තෑග්ගක්

දැනට අත්අඩංගුවේ පසුවන කුකුල් චමින්ද දැරියකට පහරදෙන අයුරු වීඩියෝ කළ තරුෂ සඳරුවන් කොඩිකාර නම් තරුණයාට විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා,

ඊයේ (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි ඔහුට මෙම විශේෂ මුදල් ත්‍යාගය පිරිනමා ඇත්තේ.

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නමැති පුද්ගලයා කුඩා දැරියකට ඉතා අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.