― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරනවා

මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරනවා

2024 වර්ෂය අවසන් වනවිට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම අවසන් කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කිරීමේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

වචනවලට හෝ කයිවාරුවලට සීමා නොවූ වැඩපිළිවෙළක් ප්‍රායෝගිකව මේ මහපොළොව තුළ යථාර්ථයක් කර අවසන් බවයි පොලිස්පතිවරයා එහිදී අවධාරණය කළේ.

පොලිස්පතිවරයා කියා සිටියේ මෙරට තුළ විශාල පරිවර්තනයක් සිදු කරමින් 2023 දෙසැම්බර් මස 17 වැනිදා අරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ බවයි.

එම මෙහෙයුම තුළින් මේ වනවිට දිවයින පුරා සිදු කළ වැටලීම් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් එක් ලක්ෂ තිස්අට දහස් එකසිය දහසයක් සහ ලැයිස්තුගත අපරාධ කල්ලි 91ක සාමාජිකයන් 965ක් අතුරින් අපරාධකරුවන් 703 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.