ඉපලෝගම ප්රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (17) සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත ඉපලෝගම, පුංචිකුලම ප්රදේශයේ නිවසක් තුළ තිබී පොලිසිය එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන ඉරේෂා මදුමාලි නමැති තිදරු මවකි.
ඇය සියදිවි නසාගන්නා අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ එක් දරුවෙකු පමණක් බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලීසිය පැවසුවේ මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නිෂ්චිතව හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි.