කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බවත් එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.
මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවයි අවධාරණය කළේ.
එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා පැවසුව්වා.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නමුත් ඒ පිළිබඳ ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව කාන්තාවන්ට සමානාත්මතාවක් හිමි වන්නේ නැහැ. රටේ ජනගහණයෙන් බහුතරයක් වන කාන්තාවන්ට එම අයිතිය ලබා ගැනීමට නොහැකි වීම මේ රටේ පාර්ලිමේන්තුවටත්, ව්‍යවස්ථාවටත් පටහැනි තීන්දුවක් ලෙස සැලකිය හැකි බව මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. අපේ අරමුණ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීමයි. එය ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ද ඇතුළත් වෙනවා. එම අරමුණ ඉටු කිරීමේදී ඊට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට හැකියාවක් නැහැ.
එම වැඩකටයුතු ඉටු කිරීම වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අද මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම එම තීන්දුවෙන් බුදු දහමේ ආරක්ෂාවත් ඉවත් විය හැකි නිසා අපිට එම තින්දුව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළා. දැන් ඒ පිළිබඳ අප අවධානය යොමු කර කටයුතු කරමින් සිටිනවා.“