ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දී යම් ප්‍රමාද වීම් සිදුවී ඇත්තේ අයදුම්කරුවන්ගේම වැරදි නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අදාළ අයැදුම්පත් ඉදිරිපත් කළ පුද්ගලයන් නිවැරදි දත්ත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙලෙස ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ දී ප්‍රමාදයක් හටගෙන ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.