26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධාතුසේන රජුගේ නිධානය සොරු බිඳලා?

ධාතුසේන රජුගේ නිධානය සොරු බිඳලා?

අනුරාධපුර, කලා වැවේ වැව් බැම්ම කඩා නිධන් කැණීම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසින් මෙම හෙළිදරව්ව සිදුකර තිබෙනවා.

වගකිව යුතු බලධාරීන්ගේ දෑස්වලට මුවා වී මෙම කැණීම් සූක්ෂ්ම ලෙසට සිදු කර ඇති බවත් කලාවැවේ වැව් බැම්ම බිඳ සිදු කර ඇති කැණීම් කටයුතු ගැන සෙවීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී කිසියම් අයෙක් හෝ පිරිසක් එක් ව මෙම සාපරාධී ක්‍රියාව සිදු කර ඇති බව දැකගන්නට ලැබුණු බවයි ඔහු පවසන්නේ.

කලාවැවේ ප්‍රධාන වේල්ල ආශ්‍රිත ව මෙම කැණීම සිදු කර ඇති අතර ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් සිදු කළ විමසීමක දී ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳ ව තමන් නොදන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන බවත්ය.