― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුයි

ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුයි

ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම සභාපති රටවල වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

එම වාර්තාවේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බවයි. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් හේතුවෙන් ඇති වන දුක්ඛිත තත්ත්වයන් සහ සියලු ප්‍රජාවන්ට ඔවුන්ගේ බලපෑමට විසඳුම් සෙවීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදයට එරෙහි සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධ නීති ඇතුළුව ශ්‍රී ලංකාව විසින් සකස් කරන ලද සහ ක්‍රියාත්මක කරන ඕනෑම නව නීති සම්පාදනයක්, සැමට ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම ඇතුළු මානව හිමිකම් වගකීම් ඉටු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය, රටේ නීති ආයතනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත.

ඒ සමගම යාපනයේ අධි ආරක්‍ෂිත කලාපයෙන් ඉඩම් නිදහස් කිරීම පිළිබඳවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම් කොල්ලකෑම් ආතතීන්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, අක්‍රමවත් සෝදිසි කිරීම් සහ රඳවා තබා ගැනීමේදී අයහපත් ලෙස සැලකීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එම වාර්තාව පෙන්වා දෙනවා.