26 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී

මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ යූටියුබ් වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. 38 හැවිරිදි මාලිංග මේ හදිසි තීරණය ගැනීමට හේතුව සඳහන් කර නැති අතර, සියළු ආකාරයේ විස්සයි20 තරග ක්ෂේත්‍රයෙන් සමුගැනීමට තීරණය කළ බවත්, සිය ක්‍රීඩා දිවියට සහයෝගය දුන් සැමට ස්තූති කරන බවත් එම වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ හිටපු නායකයකු ද වන මාලිංග අන්තර්ජාතික විස්සයි20 තරග බිමේදී තරග 84කට සහභාගි වී කඩුලු 107ක් දවාලීමට සමත් විය.

වසර 2010දී සිය අවසන් ටෙස්ට් තරගයටත්, 2019 වසරේදී සිය අවසන් එක්දින තරගයටත් ක්‍රීඩා කළ මාලිංග අනතුරුව ලොව සියළුම රටවල විස්සයි20 ලීග් තරග බිමේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට ද පත්වී සිටියේය. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රබලතම වේගපන්දු තුරුම්පුව බවට පත්වී සිටි අතර, එහි වේගපන්දු උපදේශකවරයා ලෙසත් කටයුතු කර ඇත. ඔහු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අවසන් වරට විස්සයි20 තරගයකට ක්‍රීඩා කළේ පසුගිය වසරේ මාර්තුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය.

ෆවුස් මොහොමඩ්