― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතාඹුගලගෙන් රහස් ප්‍රකාශයක්

තාඹුගලගෙන් රහස් ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ගෙන් කප්පම් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඔහු පැය තුනක පමණ කාලයක් මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී මෙම ප්‍රකාශය ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

රුපියල් මිලියන 70ක් වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි විරංජිත් තාඹුගලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රුපියල් කෝටි 30ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව ඔහුගේ නීතිඥයින් පසුගිය 27 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට තාඹුගල අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

සැකකාර තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට ජීවිත තර්ජන ඇති බවයි.

මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී දී ද පවා එම තර්ජන ඇති හෙයින් එම අදාළ ප්‍රකාශය රහස් ප්‍රකාශයක් ලෙස ලබාදීමට අවසර දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ජීවිත තර්ජන ඇත්නම් ඊට නිත්‍යානුකූල පියවර ගත යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ රහස් ප්‍රකාශය ලබාදීමට අවසර ලබා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊයේ අධිකරණයේ පෙනී සිටිමින් ප්‍රකාශය ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළා.

පැමිණිලිකාර සමාගමේ නීතිඥවරයාද ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළ අතර ඒ අනුව අදාළ රහස් ප්‍රකාශය ඊයේ පස්වරු 2 සිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිල මැදිරියේදී ලබා දුන්නා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ සැකකරු පැය 3ක කාලයක් ප්‍රකාශ ලබා දුන් බවයි.