27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිජේදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි

විජේදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (25) නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වග උත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය විසින් කල් ලබා දුන්නා.

ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 09 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසත් නියෝග කළා.