31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසමාජ මාධ්‍ය හරහා සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය හරහා සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍ය හරහා සිදුවන වංචා ඉහළ ගොස් ඇති බැවින් වඩාත් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ වෙබ් අඩවි හරහා කෙටි පණිවුඩ යවා ජනතාව රැවටීමේ උත්සාහයන් වැඩිවෙමින් පවතින බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

විශේෂයෙන්ම ජාතික හා ආගමික උත්සව ඉලක්ක කරගනිමින් මෙවැනි වංචාවන් සිදුවන බවත් මේ සඳහා ප්‍රසිද්ධ බැංකු, මූල්‍ය ආයතන සහ තවත් බොහෝ වෙළඳ නාම ව්‍යාජ ලෙස භාවිතා කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

අනුකාරක වෙබ් අඩවි (Fake web), සමාජ මාධ්‍ය වේදිකාවන්, කෙටි පණිවුඩ (SMS) හරහා එවනු ලබන පණිවුඩ මඟින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සාහා දරණු ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒවා යොදාගෙන මූල්‍ය වංචාවලට අමතරව ලොතරැයියක් දිනූ බව හෝ තෑගි ලැබුණු බව පවසමින් ඇතැම් පාර්ශ්ව ඒවා ලබා ගැනීම සඳහා යම් මුදලක් තැන්පත් කරන ලෙස උපදෙස් දෙයි.

සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණ හොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙසයි මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටන ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය අවධාරණය කරනවා.