28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලො‍හාන්ට සම්බන්ධ වැලිකඩ-අනුරාධපුර සීසීටීවී දර්ශන සංරක්ෂණය කරන්න

ලො‍හාන්ට සම්බන්ධ වැලිකඩ-අනුරාධපුර සීසීටීවී දර්ශන සංරක්ෂණය කරන්න

මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගෙන් අධිකරණ ඇමැතිට ලිපියක්

ලො‍හාන් රත්වත්තේ මහතා වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට පැමිණ සිටි සීසීටිවී දර්ශන නොපමාව සංරක්ෂණය කොට ඒ අවස්ථාවන්හි රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් එල්ල නොවන පරිදි අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අධිකරණ අමාත්‍ය එම්. යූ. එම් අලි සබ්රී මහතාට ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුව රැස්වෙන මොහොතක හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ අනීතික හැසිරීම රටට සිදු වූ බරපතළ අවමානයක් වන නිසා ඒ සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ද සජබ මහලේකම්වරයා සිය ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.

පහන් විජේසේකර