― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෙරොයින් ගෙන්වූ යාත්‍රාවේ හිමිකරු රටින් පනින්න යද්දී මාට්ටු

හෙරොයින් ගෙන්වූ යාත්‍රාවේ හිමිකරු රටින් පනින්න යද්දී මාට්ටු

ඊයේ (25) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්
හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 ගෙන්වූ ‘ජාකොබ් පුතා’ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු මෙරටින් පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින ‘ජාකොබ් පුතා’ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු මෙම පුවත සැළවීමත් සමඟ මාලදිවයින වෙත පලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වර්ණකුලසූරිය ඇන්ඩර්සන් ඉන්දික ප්‍රනාන්දු නැමැති මීගමුව, පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
   
මොහු ඊයේ රාත්‍රී 08.35 ට කටුනායක ගුවන්තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව යාමට සූදානම් වී තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන යානයට පිවිසීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සියලුම ගුවන් සේවා නිශ්කාෂණ කටයුතු නිමා කර ගුවන් යානයට පිවිසෙන අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණ තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.