27.8 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුරු වර්ජනයෙන් කොටුව අවහිර වෙයි

ගුරු වර්ජනයෙන් කොටුව අවහිර වෙයි

ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, පිරිවෙන් ගුරුවරු ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනවා.

ඔවුන් අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක් වූ බව ගුරු විදුහල්පති සන්ධානය පැවසුවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය නැවැත්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වනවා.

කෙසේනමුත් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රථවාහන ධාවනයට ද දැඩි බලපෑම් එල්ල ව ඇති බවයි.

විරෝධතාකරුවන් පොලිසිය විසින් යොදනු ලැබූ මාර්ග බාධක ද බිඳ දමමින් පා ගමනින් ඉදිරියට යන බව ද වාර්තා වනවා.