― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන දැනුම්දීමක්

වාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ සිට වාහන ආනයනය පිළිබඳ දැනට පවතින සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව කැබ්නට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ වාහන ආනයනය පිළිබඳ සීමා ලිහිල් කිරීමත්, ආනයනය ලිහිල් කිරීමත් සිදුකරන්නේ ඉතා විහාල ලෙස සූක්ෂම අධ්‍යයනයන්ගෙන් පසුව බවත් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති විස්තීර්ණ ණය ගිවිසුම යටතේ රට නැවතත් හුස්ම ගන්නා බවයි.

එම ගිවිසුම ප්‍රකාරව කොන්දේසි සහ ඉෂ්ට කළ යුතු පූර්ව අවශ්‍යතා පවතින බවද 2025 වසරේ දළ විදේශ විනිම සංචිත රුපියල් බිලියන 08 දක්වා වැඩි කිරීමටද, 2026 වසරේ බිලියන 10 දක්වාද, 2027 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩිකිරීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

එම විදේශ සංචිත ඛාදනය වන ආකාරයට ලිහිල් කිරීමක් කළ නොහැකි බවත් එම නිසා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය යටතේ ඒ පිළිබඳ අදාල පාර්ශවයන්ගේ අදහස් යෝජනා විමසා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් දැනට කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ඒ අනුව සීමා ලිහිල්කරණය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.