― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසිර මැදිරියෙන් පලාගිය සිරකරු සොයා මෙහෙයුම්

සිර මැදිරියෙන් පලාගිය සිරකරු සොයා මෙහෙයුම්

නඩුවක් සඳහා රැගෙන විත් ගලගෙදර අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදී මැදිරියේ යකඩ කූරු ඈත් කොට පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගංජා සන්තකයේ තබා ගැනීමේ වරදට හතරලියද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරව සිට ඇති අතර එම නඩුව විභාග කිරීම සඳහා ඊයේ (25) ගලගෙදර අධිකරණය වෙත රැගෙන විත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලගෙදර සහ හතරලියද්ද පොලිස් ස්ථාන පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.