22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරු - විදුහල්පති වර්ජනය දෙවැනි දිනටත්

ගුරු – විදුහල්පති වර්ජනය දෙවැනි දිනටත්

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අද (27) දෙවැනි දිනටත් අසනීප නිවාඩු දමා විරෝධතාවේ නියැලෙනවා.

වැටුප් විෂමතා ඉවත් නොකිරීම, ස්ථාන මාරු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනවා.

දිවයින පුරා සිටින සියලුම ගුරු – විදුහල්පතිවරුන් විසින් ඊයේ (26) උදෑසන මෙම වර්ජනය ආරම්භ කළා.

එහිදී එම විරෝධතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔවුන් අද දිනයේදීත් වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අද (27) දිනයේදී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.