― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ මහ නා හිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ද මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීය.