26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසූක්ෂමව ගංජා හේනක් කරගෙන ගිය අයෙක් අත්අඩංගුවට

සූක්ෂමව ගංජා හේනක් කරගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ඉතා රහසිගතව සූක්ෂම ලෙස ගංජා හේනක් කරගෙන ගිය අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පසුගියදා (30) තිස්සමහාරම පොලිස් වසමේ 03 කොළණිය, කුඩා ගම්මානය, බෙරලිපොල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ඉතා රහසිගතව සූක්ෂමව නීතිවිරෝධී ලෙස අක්කර ½ ක පමණ භූමි ප්‍රදේශයක වගා කරන ලද ගංජා ගස් 3,000 ක් පමණ වන ගංජා හේනක් සමඟ 03 කොළණිය, කුඩා ගම්මානය, බෙරලිපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වන යුධ හමුදා විශේෂ බලකායේ සේවය කර පලා ආ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 10 ක් තිස්සමහාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කළ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.