29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර අධිකරණ සංකිර්ණයේ බෝම්බ බියක්

මහනුවර අධිකරණ සංකිර්ණයේ බෝම්බ බියක්

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර අධිකරණ සංකිර්ණයේ අද (02) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

අද (02) පෙරවරුවේ මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබුණා.

මේ හේතුවෙන් අධිකරණ භූමියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹා තිබෙනවා.

ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය, ගිනි නිවන හමුදාව සහ පොලිසිය අධිකරණ සංකීර්ණයට කැඳවා ඇති අයුරුද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් අධිකරණ සංකීර්ණ භූමියෙන් බෝම්බයක් බවට සැකකළ හැකි කිසිවක් හමු වී නොමැති අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙනවා.