― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහින්දානන්දගෙන් ගුටි කෑ රාජපක්ෂ අඩියක් පස්සට ගනී

මහින්දානන්දගෙන් ගුටි කෑ රාජපක්ෂ අඩියක් පස්සට ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ තමන්ට පහරදුන් බවට, කොටුව පොලිස් ස්ථානය වෙත සිදුකළ පැමිණිල්ල ඔප්පු කරගත නොහැකි වීම හේතුවෙන් එය ඉල්ලා අස්කර ගත් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තමන්ගෙන් සිදුකළ ඉල්ලීම ද මෙම තීරණයට බල පෑ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පහරදුන් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ කොටුව පොලීසියට පැමිණිලි කර තිබුණා.

ගැටුම හේතුවෙන් පාදයට තුවාල සිදුවූ බව පවසමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රෝහල්ගත වූ අතර ඔහුගේ පාදයකට සැත්කමක් පවා සිදුකර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත්තා.

මේ අතරවාරයේ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බවයි.

මෙවැනි වටාපිටාවක් තුළ ගුණතිලක රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට කළ පොලිස් පැමිණිල්ල ඊයේ (01) දිනයේ ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්නය දුරදිග නොයවා බේරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.