31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News67 වන මහලෙන් ඇද වැටී සිසුවෙක් හා සිසුවියක් ජීවිතක්ෂයට

67 වන මහලෙන් ඇද වැටී සිසුවෙක් හා සිසුවියක් ජීවිතක්ෂයට

කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක 67 වන මහළෙන් පහළට වැටී පාසල් සිසුවියක් සහ සිසුවෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි වියේ පසු වූ පාසල් සිසුවෙක් හා සිසුවියක් බවයි.

මොවුන් දෙදෙනා ඊයේ (02) පස්වරුවේ මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් පහළට ඇද වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.