― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ කඩේ හිමිකරු ඇතුළු 06ක් අල්ලයි

ක්ලබ් වසන්ත ඝාතනයට ටැටූ කඩේ හිමිකරු ඇතුළු 06ක් අල්ලයි

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ටැටූ කඩයෙහි හිමිකරු ඇතුළු 06 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පෙරවරුවේ පෙරවරු 10ට පමණ සුදු පැහැති කාර් රථයකින් පැමිණි මුඛ ආවරණ දමා හිස් වැසුම් පැළඳ පැමිණි නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබුවා.

එහිදී ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, ව්‍යාපාරික වසන්තගේ බිරිඳ හා ටැටූ කඩේ හිමිකරුගේ බිරිඳ ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ ක්ලබ් වසන්ත රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ අතර අතුරුගිරිය ප්‍රදේශයේ ම පදිංචි 38 හැවිරිදි නයන වාසල විජේසූරිය නමැති අයෙකුද මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි වැදීමෙන් කේ. සුජීවාගේ ඉණෙන් පහළ කොටසට බරපතළ තුවාල සිදු වූ අතර ඇයට ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙනවා.

මේ වනවිට ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මීට අමතරව වෙඩි වැදුණු ක්ලබ් වසන්තගේ බිරිඳට ද හෝමාගම මූලික රෝහලේදී සැත්කමක් සිදු කෙරුණා.

වෙඩි තැබීමෙන් පසු ඝාතකයින් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථයෙන් අතුරුගිරියේ සිට කඩුවෙල දක්වා පලා ගොස් ඇති අතර කඩුවෙල – කොරතොට නම් ප්‍රදේශයේ දී මෝටර් රථය මහ මග අතහැර දමා වෙනත් වෑන් රියකට ගොඩවී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මහමග අතහැර දමා ගිය මෝටර් රථය ඝාතනය ඊයේ පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පත් කරමින් ආරක්ෂිත කැමරා දර්ශන භාවිත කරමින් සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් ඇරඹුවා.

එම විමර්ශනවලදී ඔවුන් පලා ගිය සුදු පැහැති වෑන් රථය ද ඊයේ රාත්‍රී 9ට පමණ බුලත්සිංහල – දෙල්මැල්ල ප්‍රදේශයේ අතහැර ගොස් සිටියදී සොයා ගත්තා.

කෙසේනමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ රාත්‍රියේ දී පැවසුවේ මෙම ඝාතනය විදේශයක සිට මෙහෙයවා ඇති බවත් එය බොහෝ විට මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් විය හැකි බවත්ය.

ඝාතනයට සම්බන්ධ කිසිඳු සැකකරුවෙකු මෙරටින් පලා ගොස් නොමැති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ගුවන්තොටුපොළ, වරාය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තු සිද්ධිය සිදු වූ වෙලාවේ දීම දැනුවත් කළ බවත් සැකකරුවන් හඳුනාගැනීමට ස්වයංක්‍රීය යන්ත්‍රයක් ක්‍රියාත්මක වන බවත්ය.