― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකුට ඔලිම්පික් වරම්

ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකුට ඔලිම්පික් වරම්

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වා දීම ඔලිම්පික් නිවහනේදී අද (09) සිදු කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් ඉසව්වෙන් ගංගා සෙනවිරත්න කයිල් අබේසිංහ, බැට්මින්ටන් ඉසව්වෙන් විරේන් වෙත්තසිංහ, මළල ක්‍රීඩා ඉසව්වලින් තරුෂි කරුණාරත්න, නදීෂා ලේකම්ගේ, අරුණ දර්ශන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 17 වැනිදා සිට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ගංගා සෙනෙවිරත්න මීටර් 100 කාන්තා පසුපස ආර ඉසව්ව සහ කයිල් අබේසිංහ මීටර් 100 පිරිම් ඉසව්ව නියෝජනය කරනවා. 19 හැවිරිදි විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ලාබාලතමයායි.

මළල ක්‍රීඩා ඉසව් තුනකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ක්‍රීඩකයෙක් සෘජුවම සුදුසුකම් ලැබුවා. ආසියානු මීටර් 800 රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න සුදුසුකම් ලැබූ 48 දෙනා අතුරින් 44 වැනි ස්ථානයේ පසුවනවා.

අරුණ දර්ශන මීටර් 400 ඉසව්ව සඳහා සුදුසුකම් ලබන්නේ වසර 20කට පසු එම ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි. නදීශා දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩිකාව වනවා.

හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්ව නියෝජනය කරන ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. පැරිස් ඔලිම්පික් උළෙල ජුලි 26 වැනිදා ආරම්භ වන අතර සමාරම්භක උළෙල පැරිස් වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි.

සමාරම්භක උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ වගකීම දිල්හානි ලේකම්ගේට සහ විරේන් නෙත්තසිංහට පැවරී තිබෙනවා.